බෞද්ධ සංගමය
ගුරු මණ්ඩලය:
- ක්‍රිෂාන්ති අලවත්තගේ
- හසාරා සමරවික්‍රම
- හර්ෂා රූභසිංහ
- කලණි පෙරේරා
නිලධාරී මණ්ඩලය:
- බිනූ විමලසූරිය ( සභාපති)
- මෙතුලි පෙරේරා (ලේකම්)
- සදිනි කොස්තා (භාණ්ඩාගාරික)
- විශ්මි හතරසිංහ (උපසභාපති)
- ඔනලි අලවත්තගම (උපලේකම්)
- මෙත්මි හිමායා (උපභාණ්ඩාගාරික)
2024 සිදුකරන ලද ක්‍රියාකාරකම්:
- කොළඹ විශාඛා විද්‍යාලීය ආදී කතෘතුමිය ජෙරමිය දියෙස් මැතිණිය අනුස්මරණය කිරීම උදෙසා සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනය හා සාංඝික දහවල් දානමය පින්කමක් සිදුකිරීම.
- විදුහල්පතිතුමියගේ ජන්ම දිනය උදෙසා ආශිර්වාදාත්මක බෝධි පූජාවක් පැවැත්වීම.
- සෑම පොහොය දිනයකටම සමගාමීව පෙර පොහොය හා පසු පොහොය ධර්ම දේශනා වැඩසටහන් සිදුකිරීම.
- වෙසක් පොහොය දිනට සමගාමීව පාසල තුළ වෙසක් කූඩු තරගයක් තරගයක් පැවැත්වීම.
- පාසල් ශිෂ්‍යාවන්ගේ කවි නිර්මාණ හා චිත්‍ර ඇතුළත් වෙසක් කාඩ් මුද්‍රණය කර බෙදා හැරීම.
- පොසොන් පොහොයට සමගාමීව පාසල තුළ පොසොන් බැති ගී ප්‍රසංගයක් හා දන්සල් පැවැත්වීම.
- ඇසළ පොහොය දිනට සමගාමීව සීල සමාදාන වැඩසටහනක් පැවැත්වීම.
- ශ්‍රී දළදා වහන්සේ උදෙසා පුරා දිනයක මුරුතැන් පූජාවක් පැවැත්වීම.
- මහරගම අපේක්ෂා රෝහල සඳහා අවශ්‍ය ඖෂධ පරිත්‍යාග කිරීම.
- කහවත්ත කනිෂ්ඨ විද්‍යාලයේ පුස්තකාලය සඳහා පොත් පරිත්‍යාග කිරීම.
- අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා පුරා දිනයක දානමය පූජාවක් පැවැත්වීම හා සාංඝික දානමය පිංකම.
- ‘බුද්ධාභිමහිම’24 සම්බුද්ධ වර්ෂා’ සඟරාව එළිදැක්වීම.
- වාර්ෂික ගවයා නිදහස් කිරීම උදෙසා ගව කැට බෙදාදීම.